15 December 2021

 ටෙලිපති යනු කිසියම් පියවි ඇසට පෙනෙන දන්නා මානව සංවේදී නාලිකා හෝ භෞතික අන්තර්ක්රියා භාවිතා නොකර එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකු තොරතුරු සම්ප්රේෂණය කරගැනීමේ ක්රියාවලියකි. මෙය ප්රථම වරට 1882 දී සම්භාව්ය විශාරද එංගලන්ත ජාතික​ ඩබ්ලිව්.එච්. ෆෙඩ්රික් මහතා විසින් සොයාගෙන ඇත​. (1843 පෙබරවාරි 6 - 1901 ජනවාරි 17) Telepathy is the purported vicarious transmission of information from one person to another without using any known human sensory channels or physical interaction. The term was first coined in 1882 by the classical )scholar Frederic W. H. Myers (6 February 1843 – 17 January 1901)


13 December 2021

 ටෙලිපති/ Telepathy යනු ;

ටෙලිපති/ Telepathy යනු ;
යම් කෙනෙකුගේ සිතුවිලි වෙනත් කෙනෙකුගේ හිසට/ මනසට යොමුකිරීමේ ක්රියාවලිය​ හෙවත් ටෙලිපති යනු ඉතාමත් ආන්දෝලනයකට තුඩු දුන් මාතෘකාවකි. තනි පුද්ගලයකුගේ ගත්විට ඔහුගේ මොළය ස්නායු හරහා විද්යුත් සංඥා ලෙස පණිවිඩ සම්ප්රේෂණය කරයි. නමුත් පුද්ගලයන් දෙදෙනෙකු හෝ ඊට වැඩි පිරිසකගේ අපට යෝධ ස්නායු ජාලයක් හරහා සෑම කෙනෙකුගේම හිස සම්බන්ධ කළ නොහැක. අපට හැකි වුවද එය ප්රායෝගික නොවේ. නමුත් මොළයේ සෛල වලින් සිදුවන විද්යුත් ක්රියාකාරකම් ඉලෙක්ට්රොනික උපකරණ මගින් අපට කියවිය හැක. ඉන්පසුව අපි අන්තර්ජාලය පරිහරණය කරන ආකාරයටම සංඥාව සම්ප්රේෂණය කර එය අනෙක් අන්තයේ මොළයේ සෛල ක්රියාකාරිත්වය බවට පත් කරයි. සාමාන්ය සංවේදී සන්නිවේදන නාලිකා භාවිතා නොකර එක් පුද්ගලයෙකුගේ සිට තවත් කෙනෙකුට (ලබන්නා හෝ ග්රාහකයා) චින්තනය සෘජුවම මාරු කිරීමකි, එබැවින් බාහිර සංවේදී සංජානනය අතීන්ද්රීය ඥානයේ​ (ESP) සහ ඍද්ධි බලයේ (Psychokinesis-PK) ආකාරයකි.
යම් පුද්ගලයෙකු ගැන සිතා ඊට සුලු මොහොතකට පසු එම පුද්ගලයාගෙන් දුරකතන ඇමතුමක්/ පණිවිඩයක් ලැබීම ගැන ඔබ මේ දක්වා දැන සිටියා නේද ? එය හාස්යජනක අහඹු සිදුවීමක් වන්නට ඇත, නමුත් සත්යය නම්, එය ඔබගේම ටෙලිපතියේ බලය විය හැකිය. ටෙලිපති යනු අපගේ ඉඳ්රීයයන්ගෙන් දැකීම, ඇසීම, සුවඳ දැනීම, රස බැලීම සහ ස්පර්ශ කිරීම හැර වෙනත් ක්රම මගින් සිතුවිලි සහ/හෝ අදහස් සන්නිවේදනය කිරීමට ඇති හැකියාවයි. එක් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකුට සිතුවිල්ලක් යැවීම ගැන සිතනවා සමගම අනෙක් පුද්ගලයා එම සිතුවිල්ලම ලබා ගැනීමට හෝ දැනෙන්නට පුළුවන. හිතන්න ඔබ අහඹු ලෙස ඔබේ හොඳම මිතුරා/ මිතුරිය ගැන සිතූ විට, ඔහු හෝ ඇය පසුදා ඔබට කෙටි පණිවිඩයක් එව්වේ ඇයි කියා. එසේත් නැතිනම් ඔබ ඉබේම ඔබේ ඥාති සොහොයුරාට කතා කළ විට, ඔහු ඔබට, "අනේ, මම ඔබ ගැන සිතමින් සිටියෙමි" යනුවෙන් පැවසුවේ ඇයි කියා. එසේ හෙයින් ඔබ කුමක් කිව යුතුද, කෙසේ කිව යුතුද යන්න නොදන්නා ව්යාකූල අවස්ථා වලදී (Confused)/ කාලවලදී ටෙලිපති උපකාර විය හැක. සමහර විට ඔබ එය අසන්නට හෝ ප්රතික්ෂේප කිරීමට බිය විය හැක. ​අපගේ ද්රව්යමය ලෝකයේ කෙනෙකුට තවත් කෙනෙකුට අවශ්ය හෝ පැවසීමට අවශ්ය දේවල් පැවසීම සැමවිටම කළ නොහැකි තත්ත්වයන් පවතී.
ගැඹුරු සම්බන්ධතා, සමාව දීම සහ ඉවත්කිරීම පවා ටෙලිපති අධිමානසික කියවීමකින්/ සංවාදයකින් සම්පූර්ණ කළ හැකි අතර එය සැමවිටම යථාර්ථවාදීය. ඔබ නොසන්සුන් නම්, ජීවිතය නැතිකරගන්න තරම් සිතුවිල්ලක් හිතට එනවා නම්, හෝ ඔබ එය වැරදියට තේරුම් ගැනීමට යන්නේ නම්, මානව හැකියාවන්හි ස්වාභාවික දිගුවක් ලෙස මාගෙන් අධිමානසික ටෙලිපති කියවීමක් ලබා ගන්න​. ටෙලිපති/ Telepathy හෙවත් මෙය මාගේ හයවන ඉඳ්රීයයයි. (මතක තබා ගත යුතු වැදගත්ම දෙය හිත දියුණු කලා කියලා සහතික ලැබෙන්නේ නැත)-
Future Teller- අනාගතය කියන්නා